13th March 2017 09:49:55 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ පුද්ගලික දායකත්වයෙන් භාරතිපුරම් ‘කෞෂල්‍යන්’ පෙර පාසලේ ළමුන් විසිදෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙත බදාදා (08) දින පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදි.
571 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රි විසින් එම පෙර පාසලේ අවශ්‍යතාවයන් පිළිබඳව ආඥාපති වෙත දැනුම්දීමෙන් අනතුරුව ආඥාපතිතුමා වහා ක්‍රියාත්මක වී එම අවශ්‍යතාවයන් සලසාදීමට කටයුතු කරනු ලැබීය.
ගුරුවරුන් සහ දෙමාපියන් ද සහභාගීත්වයෙන් පෙර පාසල් පරිශ්‍රයේ දී බෙදාදුන් මෙම එක් පාර්සලයක අභ්‍යාස පොත්, ලිපිද්‍රව්‍ය සහ පාසල් බෑගයක් අඩංගු වන අතර එහි වටිනාකම රුපියල් 700 ක් වේ.
මෙම අවස්ථාව සඳහා 571 බලසේනාවේ නිලධාරීන් ද එක්ව සිටියහ.
Nike shoes | adidas garwen spezial white shoes - New In Shoes for Men