Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2017 15:45:55 Hours

ආසේමු වන්නි විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලාව ආරම්භ කෙරේ

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56, 61 සහ 62 යන සේනාංකයන්හි නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා 2017 වර්ෂයේ විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු සංස්කරණ පාඨමාලාව අදියර II බදාදා (08) දින කළ්‍යාණපුර බලඇණි පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදි.

දින 30 ක් පුරාවට පැවැත්වෙන මෙම පාඨමාලාව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.

2009 වර්ෂයේ මැයි මසට පෙර පැවති මානුෂිය මෙහෙයුම්වල දී විශේෂ දක්ෂතා දැක් වූ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදැරූ භට පිරිස් හි දැනුම හා පුහුණුව යාවත්කාලීන කිරීම මෙම පාඨමාලාවේ අරමුණ වූ අතර, මෙහිදි ඔවුන්ගේ දැනුම හා ලබාගත් අත්දැකීම් එකිනෙකා අතර හුවමාරු කර ගැනීම ද සිදු කරනු ලැබේ.

26 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 11 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ සහ 27 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් 4 ක් සහ සෙසු නිලයින් 32 ක් මේ සඳහා සහභාගි වේ.

මෙම සංස්කරණ පාඨමාලාව 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහගේ පුර්ණ උපදෙස් මත එම සේනාංකය විසින් සංවිධානය කෙරිනි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත ඒ යටතේ වන සේනාංකයන්හි නිලධාරීන් මෙහි උපදේශකයින් ලෙස කටයුතු කරනු ලැබේ.

62 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයෙන් මෙහි සමාරම්භක දේශනය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් සිදු කළ අතර, ඕනෑම බලාපොරොත්තු නොවු අවස්ථාවකදී වූවද මුහුණදීම සඳහා සටන් පුහුණුව පිළිබඳ දැනුම අලුත් කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදි අවධාරණය කළහ.

621 සහ 622 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ එම බලසේනා සහ ඒකකයන්හි අනෙකුත් නිලධාරීන් මෙන්ම භට පිරිස් ද මෙම ආරම්භක උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ.

Sport media | adidas Yeezy Boost 350