13th March 2017 09:48:14 Hours
යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වනු ලබන වීඩියෝ කැමරාකරණ සහ නිශ්චල ඡායාරූප ශිල්පී පාඨමාලා අංක 14 සිකුරාදා (10) දින උදෑසන රත්මලාන යුද හමුදා කඳවුරේ දී ආරම්භ කරන ලදි.
මාසයක කාලයක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා යුද හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් එම ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන 28 දෙනෙකු සහභාගි වූ අතර, මෙහිදි ‘තාක්ෂණික අංශය’, ‘ඡායාරූපකරණයේ සහ වීඩියෝගත කිරීමේ කලාව’, ‘විනයාත්මක ඡායාරූපකරණය’, ‘වානිජ ඡායාරූපකරණය සහ වෘත්තීය’, ‘වෘත්තීය හා සමාජ ඡායාරූපකරණය’, ‘ඡායාරූපයක ඇති වැදගත්කම සහ නීතිමය රාමුව’ ආදි විෂයන් පිළිබඳව මුලික දැනුම ලබාදෙනු ලැබේ.
එසේම මෙම පාඨමාලාවේ දී ඒ සඳහා සහභාගිවුවන් වෙත විහාර මහාදේවි උයන, ගාලුමුවදොර පිටිය, දියත උයන, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ආදි විවිධ ස්ථානවලට ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදිමට ද කටයුතු සලසා තිබේ.
මෙහි ආරම්භක දේශනය අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න විසින් සිදුකරමින් මෙම වෘත්තීය දැනුම ලබාගැනීම යම් දිනක විශ්‍රාමගිය පසු ද වැදගත්වන බව අවධාරණය කළහ.
තවද, මෙම සමාරම්භක උත්සවයේ හඳුන්වාදීමේ දේශනය සිදු කළ යුද හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් මෙම වෘත්තීයේ ඇති වටිනාකම පිළිබඳව පැහැදිලි කළේය.
ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් මනෝජ් ලමාහේවා, මාණ්ඩලික නිලධාරි 1 ලුතිතන් කර්නල් දුමින්ද ප්‍රනාන්දු සහ පාඨමාලා සම්බන්ධීකරණ නිලධාරි මේජර් සුජිත් මාරසිංහ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Buy Sneakers | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD