09th March 2017 16:27:42 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවට අයත් සෙල්ල කතරගම, ගොතමිගම පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් උපතින්ම ආබාධිත දරුවන් රැකබලා ගනු ලබන වැල්ලවාය හඳපාන්ගල පිහිටි ‘මෙත් සෙවන’ නිවාසය වෙත හදිසි ප්‍රතිකාර ඇඳන් 03ක් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ද සඳුදා (6) දින පරිත්‍යාග කරන ලදි.
9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.ජි.එන්. මලන්දෙනිය විසින් කළ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍ය නීල් ප්‍රේමරත්න මහතා විසින් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් 275,000/= බැගින් වූ හදිසි ප්‍රතිකාර ඇඳන් 03ක් මෙම ළමා නිවාසය වෙත පරිත්‍යාග කරන ලදි.
තවද, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මානුෂිය ව්‍යාපෘතියක් ලෙස එම භට පිරිස් විසින් මෙම ළමා නිවාසය වෙත රුපියල් 2,000/= ක වටිනාකමින් යුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු පාර්සල් 05 ක් ද බෙදාදෙන ලදි.
121 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්.එන්. කොස්වත්ත, 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.ජි.එන්. මලන්දෙනිය ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
තවද, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංවිධායකත්වයෙන් ඔවුන් වෙත දිවා ආහාරය ද ලබාදුන් අතර, ඒ සමඟින් මෙදින වැඩසටහන අවසන් විය.
Adidas footwear | Hats to Match Jordans Hyper Royal Bulls Hat