Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2017 09:43:08 Hours

24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සිය 7 වන සංවත්සරය සමරයි

24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් මන්නාරම, කුරායි හි දී සෙනසුරාදා (04) දින වැඩසටහන් මාලාවක් සමඟින් සිය 7 වන සංවත්සරය සමරන ලදි.

ඒ අනුව එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමත් සමඟින් සංවත්සර වැසටහන් මාලාව පළමු අදියර ආරම්භ කෙරිනි.

අනතුරුව, අණදෙන නිලධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සංවත්සරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ දී මේ වන විට ජාතික රැක් රෝපන වැඩසටහනට දායක වෙමින් පැළ රෝපණය කිරීම ද සිදු කළහ.

තවද, එදිනම, භට පිරිස් ඇමතීම සිදු කළ අතර, එහි පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයත් සමඟින් එදින වැඩසටහන අවසන් විය.

Best Authentic Sneakers | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite