09th March 2017 09:50:16 Hours
සාලියවැව, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් රාජාංගනය දකුණු ඉවුර යාය 13, 14 හා සාලියවැව යන ප්‍රදේශ ජනතාව ආවරණය වන පරිදි අඟහරුවාදා (07) දින කලාඔය, ශ්‍රි විජය බෝධිරාජාරාම විහාරස්ථානයේ දී තවත් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකගේ සම්බන්ධිකරණයෙන් කැන්ඩි විශේෂඥයෝ පුද්ගලික සමාගමේ වෛද්‍ය නිමල් වීරකොන් ඇතුලු එම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව පැවැත් වූ මෙම ජංගම අක්ෂි සායනයේ දී අක්ෂි ආබාධ සහිත පුද්ගලයින් සඳහා ඇස්කණ්ණාඩි 384 ක් බෙදාදෙනු ලැබීය.
මෙහිදි 500 ක් පමණ වූ පිරිසකගේ අක්ෂි පරික්ෂාව සිදු කළ අතර, ඉන් කාච බද්ධ කිරීමේ අවශ්‍යතා ඇති අය වෙනමම හඳුනාගෙන නාරම්මල ජුබිලි සිංහ සමාජයේ නොමිලේ කාච බද්ධ කිරීමේ වැඩසටහන සඳහා ද යොමු කරන ලදි.
මේ සඳහා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්, රාජාංගනය, ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී, සාලියවැව ලංකා බැංකුවේ කළමණාකරු, සාලියවැව ව්‍යාපාරිකයින් සහ එම ප්‍රදේශවල ග්‍රාමසේවා නිලධාරීන්, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, යුද හමුදා නිලධාරීන් සහ සිංහ සමාජයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.
latest Nike Sneakers | NIKE HOMME