Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2017 09:42:40 Hours

විනයාරක්ෂක අනුකණ්ඩය සඳහා ඉදිකරන නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබේ

පනාගොඩ, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය තුල ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ විනයාරක්ෂක අනුකණ්ඩය සඳහා ඉදිකිරිමට යෝජිත නව දෙමහල් ගොඩනැගිල්ලෙහි මුල්ගල තැබිමේ උත්සවය අඟහරුවාදා (07) දින පවත්වන ලදි.

එහිදි, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් සුභ මෙහොතින් මෙම ඉදිකිරිම් කටයුතු සඳහා මුල්ගල තබන ලදි.

ඉදිකිරිමට යෝජිත අඩි 60 x 20 පමණ වූ මෙම දෙමහල් ගොඩනැගිල්ල, යුද හමුදා අරමුදලින් මාස කිහිපයක් තුල දී නිම කිරීමට නියමිත අතර, ඉංජිනේරු සේවා බලකායේ අධික්ෂණය යටතේ යුද හමුදා ඉංජිනේරුවන් සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් මේ සඳහා සහාය දක්වනු ලැබේ.

මෙහි පැමිණි බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පිළිගැනීම ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් වි.එන්. කොස්වත්ත විසින් සිදු කළ අතර, අනතුරුව මුල්ගල තැබිම සහ සංකේතාත්මකව ඵලකය නිරාවරණය කිරීම සඳහා ද ආරාධනා කරන ලදි.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා විනයාරක්ෂක අධිපති බ්‍රිගේඩියර් ජි.කේ.ජි.ඩි. සිරිසේන, බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භකාස බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඒ.ඩි. සිරිනාග, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අයි.ඕ.ඩබ්. මාදොළ ද එක්ව සිටියහ.

best Running shoes | シューズ