Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2017 05:05:03 Hours

උපහාර උත්සවය සඳහා 12 වන සේනාංක භට පිරිස්හි සහාය

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මුලස්ථානය, නාගරවැව ශ්‍රී සුමේධාරාම බුදුරජ විහාරස්ථානයේ ආරාධනයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පැවැත් වූ උපහාර උත්සවය සඳහා සැරසිලි කටයුතු, විහාරස්ථානය අවට සුද්ධ පවිත්‍ර කිරීම සහ ස්වාමින් වහන්සේලා 300 නමක් සඳහා දානය පිළිගැන්විම සඳහා දායකත්වය ලබාදෙන ලදි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මඟපෙන්විම යටතේ එම සේනාංකයේ කර්නල් පාලන හා භකාස කර්නල් බි.ජි. කල්දේරාගේ අධික්ෂණයෙන් 12 වන සේනාංකයේ, 10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් මේ සඳහා සහාය දක්වනු ලැබීය.

මෙම උපහාර උත්සවය සඳහා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇතුලු භික්ෂුන් වහන්සේලා 300 නමක් එක්ව සිටියහ.

Asics footwear | Nike, adidas, Converse & More