Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2017 05:08:19 Hours

සිවිල් සම්බන්ධිකරණ පාඨමාලා අංක 14 ආරම්භ කෙරේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් නිලධාරීන් සඳහා පවත්වනු ලබන සිවිල් සම්බන්ධිකරණ පාඨමාලා අංක 14, සඳුදා (06) දින කොළඹ 13, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මුලස්ථානයේ දී ආරම්භ කරන ලදි.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජි.වි. රවිප්‍රිය සහභාගි විය.

මේජර් නිලයේ සිට ලුතිතන් කර්නල් නිලය දක්වා නිලධාරීන් 29 ක් මෙම පාඨමාලාව සඳහා සහභාගි වේ.

‘මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් හැඳින්වීම’, ‘සිවිල් සම්බන්ධිකරණය තුලින් යහපත් සම්බන්ධතා සංවර්ධනය’, ‘නීති පද්ධතින්’ සහ ‘සිවිල් සම්බන්ධිකරණයේ දී ජනමාධ්‍ය භාවිතය’ වැනි විෂයන් ආවරණය වන පරිදි සති 03 ක් පුරාවට පැවැත්වෙන මෙම පාඨමාලාව මාර්තු මස 23 වන දින අවසන්වීමට නියමිතය.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එම්.ඩි. ජේසුන්දර සමඟින් කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපත් බ්‍රිගේඩියර් ඩි.එම්.යු.ජි. බණ්ඩාර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Authentic Sneakers | Sneakers Nike