Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2017 04:59:15 Hours

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ සාමාරම්භක විද්‍යාත්මක සැසිවාරය 2017

‘හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය - ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම’ (Military Medicine - Sri Lankan Perspective) තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු විද්‍යාත්මක සැසිය මාර්තු මස 10 සහ 11 වන දින කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී 250 කට අධික වෘත්තීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහගේ යෝජනාවකට අනුව යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන්, ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් ලෙස ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් 400 ක් පමණ වූ වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් එක්ව පිහිටුවාගත් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු අධ්‍යයන සැසිය 2016 මාර්තු මස 18 වන දින යුද හමුදා රෝහලේ දී පවත්වනු ලැබීය.

මෙම අධ්‍යයන සැසියේ දී හමුදා වෛද්‍ය විද්‍යාව, සාගර වෛද්‍ය විද්‍යාව, ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ත්‍රිවිධ හමුදාවට අදාල මානයන් පිලිබඳව අධ්‍යයනය කළ අතර, පුර්ව විද්‍යාත්මක සැසියේ දී රුධිර කැටි ගැසිම සහ රුධිර වහානයවීම පිළිබඳ නව සොයා ගැනීම් ආදිය සාකච්ඡා කරන ලදි. එමෙන්ම, එහිදි ලිඛිත ඉදිරිපත් කිරිම් 08 ක් සහ ඒ හා සමාන පොස්ටර් ඉදිරිපත් කිරිම් ද සිදු කළහ. හමුදා වෛද්‍ය විද්‍යාව, හමුදා දන්ත වෛද්‍ය විද්‍යාව සහ හමුදා මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කරනු ලැබීය.

මෙම විද්‍යාලයේ අරමුණු අතර සාමාජිකයන් අඛණ්ඩ වෘත්තීය සංවර්ධන ප්‍රවර්ධනය කොට පෝෂණය කිරීම, පර්යේෂණ හා නව සොයා ගැනීම්, යුද හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ පුහුණුව හා උපදේශනයන් සංවර්ධනය, හමුදා හා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහායවීම ද වේ.

මෙම විද්‍යාතනයේ ආරම්භ වූ පසුගිය වසරේ දී එහි නායකත්වය දැරු ආරම්භක සභාපති ශල්‍ය වෛද්‍ය විශේෂඥ රියර් අද්මිරාල් (විශ්‍රාමික) එන්.ඊ.එල්.ඩබ්. ජයසේකර, පත් වූ සභාපති මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, උප සභාපති ගුවන් කොමදෝරු එල්. ආර්. ජයවීර යන අය විසින් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීම, කළමණාකරනය, අධ්‍යයනය, සමාජි සහ මාධ්‍ය වැනි උප කමිටු තුලින් සිදු කරන ලදි.

එමෙන්ම, මෙමඟින් ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් පර්යේෂණ ක්‍රමවේදය, පශ්චාත් උපාධි ක්‍රමවේදය හඳුන්වාදීම සිදු කරන අතර, අවුරුදු 30 ක් පැවති ගැටුම්වලින් ලබාගත් අත්දැකිම් ඇසුරින් හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඉතිහාසය ලේඛණගත කිරීම ද සිදු කරනු ලැබේ. ඊට අමතරව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනය මඟින් දේශීය මෙන්ම ජාත්‍යන්තර විශේෂඥ විද්‍යාතන සමඟ අධ්‍යයන සැසි සංවිධානය කෙරේ.

හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (ICMM) රටවල් 120 ක් සාමාජිකත්වය දරණ අතර, ශ්‍රී ලංකාව ද එහි සාමාජිකත්වය දරයි.

අත්තිඩිය ඊගල් ලේක් සයිඩ් උත්සව ශාලාවේ දි සිකුරාදා (10) දින මෙහි සමාරම්භක විද්‍යාත්මක සැසිය පැවැත්වීමට නියමිත අතර, ඊට සමගාමිව අනෙකුත් අධ්‍යයන සැසි සෙනසුරාදා (11) දින දක්වා කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබේ.

Buy Kicks | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp