Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 17:50:55 Hours

හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් තුල මානසික ඒකග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් භාවනා වැඩසටහනක් සෙනසුරාදා (04) දින කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වූ මෙම එක් දින වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයින් 58 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 19 ක් සහභාගි වූහ.

යුද හමුදාපතිතුමාගේ නිර්දේශය මත යුද හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් හඳුන්වාදුන් මෙම වැඩසටහන් මාලාව මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වී ඇත.

best Running shoes brand | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite