04th March 2017 23:18:47 Hours
ගුවන් සංදර්ශණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශන වලින් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සර ප්‍රදර්ශනය සහ සංදර්ශණය - 2017 සිකුරාදා (03) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කරන ලදි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිගේ ආරාධනයෙන් ගරු ජනාධිපතිතුමන් සමඟින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති, නාවික හමුදාපති සහ පොලිස්පතිතුමන් ගුවන් හමුදා ප්‍රදර්ශණය සහ සංදර්ශණයේ දෙවන දින විවෘත කිරිමේ උත්සවය සඳහා සහභාගි වුහ.
මෙහිදි, ප්‍රධාන ආරධිත අමුත්තන් ඇතුළු සහභාගි වු ආරාධිතයන් සෑම ප්‍රදර්ශන කුටියකම සංචාරය කල අතර ගුවන් සංදර්ශණ ද නැරඹුහ.
මෙම සංදර්ශණය තුළ දී, ගුවන් යානා සංදර්ශණයක්, ගුවන් කරණම් සංදර්ශණ, පැරෂුට් සංදර්ශණය, රෙජිමේන්තු විශේෂ බලකායන් වෙතින් පැවත් වු සංදර්ශණයක්, ගුවන් හමුදා සුනඛ සංදර්ශණයක්, තුර්යවාදන හා සරඹ සංදර්ශණයක්, සංස්කෘතික සහ සංගීතමය අංගයන් සංවත්සර උත්සව වැඩසටහන තව තවත් වර්ණවත් කරන ලදි.
Nike sneakers | nike air speed turf rose gold price per gram