Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 17:19:58 Hours

කොළඹ නගර අලංකරණ කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව කොළඹ නගර අලංකරණ කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වනු ලැබිය.

මෙහිදි, අනිසි ලෙස කැලිකසල බැහැර කිරිම සහ ඒවා ඉවත් නොකිරිම, ඇවිදිමේ මන්තිරු නිසිලෙස නඩත්තු නොකිරිම, පිටකොටුව බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය අවට සහ තවත් මහජනතාව බහුලව ගැවසෙන ස්ථානයන්හී කැලි කසල නිසි පරිදි ඉවත් නොකිරිම පිළිබඳව සාකච්ඡා කරන ලදි.

එමෙන්ම, කොළඹ නගරයේ ඇල මාර්ග සහ කානු පද්ධති වලට අපද්‍රව්‍ය බැහැරකිරිම සහ ඒ ආශ්‍රිත අනවසර ඉදිකිරිම් මගින් සිදුවන අයහපත් තත්වයන් පිළිබඳව ද අවධානය යොමුකරන ලද අතර, මෙම සාකච්ඡාවේ දි මෙම වැඩසටහන හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරිමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.

14 වන සේනාංකයේ සේනාංකාධිපති, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශ සම්බන්ධිකරණ නිලධාරි, නගර සභා සහ ප්‍රාදේශීය සභා නිලධාරින් සහ තවත් පුද්ගලික අංශයේ සමාජිකයින් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

Mysneakers | Nike Dunk - Collection - Sb-roscoff