Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2017 16:50:16 Hours

නැගෙනහිර ආඥාපති මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති බ්‍රහස්පතින්දා (23) දින මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරය කරන ලදි.

එහි පැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, එම මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් ආඥාපතිතුමා පිළිගැනීම සිදු කෙරිනි.

එමෙන්ම, පාබල පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකයින් සමඟ පුහුණුවිම් හා සම්බන්ධ කරුණු පිළිබඳව විමසූ ආඥාපතිතුමා, උපදේශකයින්ගේ සහ පුහුණුලාභීන්ගේ පහසුකම් පිළිබඳව ද සොයා බැලූ අතර, අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීම ද සිදු කළහ.

affiliate link trace | Sneakers