Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2017 16:45:38 Hours

කිලිනොච්චි ආඥාපති එම ආසේමු යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සංචාරයක

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන පෙබරවාරි 27 සහ 28 යන දිනයන්හි දී පිළිවෙලින් 652, 653 සහ 662 බලසේනා මුලස්ථානයන්හි සංචාරය කරන ලදි.

එම බලසේනා මුලස්ථානයන්හි දී එහි පැමිණි ආඥාපතිතුමන් වෙත භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, බලසේනාධිපතිවරුන් විසින් ආඥාපතිතුමා පිළිගැනීම සිදු කරනු ලැබීය.

එමෙන්ම, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් බලසේනාවන්හි වගකිම් හා කාර්ය භාරයන් පිළිබදව ආඥාපතිතුමා දැනුවත් කළ අතර, අනතුරුව සංකේතාත්මකව කඳවුරු පරිශ්‍රයන්හි දී පැළ ද රෝපනය කළහ.

මෙහිදි ආඥාපතිතුමා, එම ඒක්එක් බලසේනාවන්හි දී භට පිරිස් අමතමින් සිය රාජකාරීන් කාර්යක්ෂමව ඉටු කිරීමේ දී විනය ඉහළ මට්ටමක පවත්වාගත යුතු බව අවධාරනය කළ අතර, අනතුරුව ආඥාපතිතුමා, 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ ද සංචාරය කළහ.

ආඥාපතිතුමාගේ මෙම සංචාරය සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG University Blue - Gov