Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2017 10:54:30 Hours

‘ආපදා කළමනාකරණය’ පිළිබඳව බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් දැනුවත් කෙරේ

‘ආපදා කළමනාකරණය’ පිළිබඳව යුද හමුදා සාමාජිකයන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන් හිදී බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා සංඥා බලකා දේශන ශාලාවේ දී පවත්වන ලදි.

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්වීමෙන් පැවැත් වූ මෙම පුහුණු වැඩසටහන සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 සහ 58 වන සේනාංකයන් හී නිලධාරීන් 08 ක් සහ සෙසුනිලයන් 182 ක් සහභාගි වුහ.

ඒ අනුව මෙහිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ආපදා අවස්ථාවක දී ගතයුතු ආරක්ෂිත පියවර මෙන්ම කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව සහභාගීවුවන් දැනුවත් කිරීම සිදු කළහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයන් ද මෙම වැඩමුළුව සඳහා සහභාගි වුහ.

spy offers | Shop: Nike