Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2017 10:53:57 Hours

61 වන සේනාංක භට පිරිස් සහභාගීත්වයෙන් ‘පෞරුෂත්ව සංවර්ධන’ වැඩසටහනක්

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්.එච්.එෆ්.පී. පෙරේරාගේ සංවිධායකත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54, 56 සහ 61 වන සේනාංකයන්හි සෙසු නිලයින් තුල පෞරුෂත්ව සංවර්ධනය කිරිමේ අරමුණින් වැඩසටහනක් සෙනසුරාදා (25 ) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පවත්වන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.

54, 56 සහ 61 යන සේනාංකයන්හි සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් 500 ක් පමණ මෙම වැඩසටහන සඳහා සහභාගි වූ අතර, මෙම වැඩසටහන මෙහෙයවීම, මානසික උපදේශන සහ පුහුණු සංවර්ධන තිරසාර මධ්‍යස්ථානයේ කළමණාකාර අධ්‍යක්ෂ තාරක ප්‍රසන්න එදිරිසිංහ මහතා සහ විෂන් 8 විද්‍යාපිඨයේ නිර්මාතෘ අමින්ත ද සිල්වා මහතා විසින් සිදු කරන ලදි.

මෙම වැඩමුළුව අදියර දෙකකින් පැවැත් වූ අතර, මෙහිදි ආකල්ප සංවර්ධනය, සන්නිවේදන කුසලතා, චිත්තවේග පාලනය, අධ්‍යාපනය හා වෘත්තීය මෙන්ම වෘත්තීය ජිවිතයේ සමතුලිතතාවය වැනි කරුණු පිළිබඳව භට පිරිස් දැනුවත් කරනු ලැබිය.

Buy Kicks | Men's Footwear