Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2017 09:01:10 Hours

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයට නවාතැන් පහසුකම් සහිත නව පරිසර හිතකාමි ගොඩනැගිල්ලක්

කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය පසුගිය වසරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමත් සමඟ සම්පුර්ණයෙන්ම විනාශයට පත් වූ අතර, ස්වේච්ඡා බලසේනා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ දැඩි සාමුහික කැපවිමේ ප්‍රතිඵලයක් ලෙස සෙසු නිලයන් සඳහා ඉදිකළ නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල අඟහරුවාදා (21) දින විවෘත කරන ලදි.

මෙම නව ගොඩනැගිල්ලෙහි නිර්මාතෘ වන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය. පෙර පැවති ස්වේච්ඡා බලසේනා මුලස්ථාන සංකීර්ණයට යාබඳ භුමියක දින 40 ක් තුල දී මෙම තෙමහල් පරිසර හිතකාමි ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථාන භුමි ප්‍රදේශයේ සිදු වූ පිපිරිමත් සමඟ ඇති වූ විනාශය හේතුවෙන් දිර්ඝකාලීනව පැවති අවශ්‍යතාවයක් වූ මෙම සෙසු නිල නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් ස්වේච්ඡා බලසේනාවට අයත් සියලුම ඒකකයන්හි භට පිරිස් ලබාදුන් ශ්‍රම දායකත්වයට හා ශ්‍රී ලංකා යුද හමුදා 1 වන, 4 (ස්වේච්ඡා) සහ 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායන්හි භට පිරිස් ලබාදුන් තාක්ෂණික සහාය වෙනුවෙන් කෘතඥතාවය පුද කළ යුතු වේ.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායකගේ පරිසර හිතකාමි සංකල්පයක් මත එම බලසේනාවේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සැලැස්මට අනුව 2017 ජනවාරි මස මැද දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 19.1 ක් වැය වී ඇත. එමෙන්ම, මෙම සියලු නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිල්ලෙහි සෙබලුන් 100 දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් සලසා දී ඇත.

මෙහි පැමිණි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන මුරය පසුකරගෙන යාමක් ද (drive-past Guard Turnout) පිරිනමන ලද අතර, අනතුරුව මහ සඟරුවනේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ යුද හමුදාපතිතුමා විසින් සංකේතාත්මකව ඵලකය නිරාවරනය කර නව ගොඩනැගිල්ල වෙත පිවිසෙන ලදි.

මෙහිදි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නව ගොඩනැගිල්ල සඳහා බිත්ති ඔරලෝසු ත්‍රිත්වයක් පිරිනැමු අතර, මෙම සංචාරය සිහිවනු වස් මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපනය කළහ.

එමෙන්ම, යුද හමුදාපතිතුමා නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව විමසා සිටියහ. මෙම උත්සවය අවසානයේ මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් යුද හමුදාපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

Adidas shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News