Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2017 13:45:10 Hours

නික්ම යන කර්නල් සේනාවිධායක වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි ආචාර

වසර 35 කට අධික කාලයක් යුද හමුදාවෙහි සේවය කළ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හොබවනු ලැබූ ‍ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක යුද හමුදා සේවයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් අඟහරුවාදා (28) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයේ දී ආචාර පිරිනමනු ලැබීය.

එහි පැමිණි මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පිළිගැනීම ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අයි.එච්.එම්.එන්.එන් හේරත් විසින් සිදු කළ අතර, අනතුරුව භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදි.

එහිදී සියලු නිලයින් ඇමතූ කර්නල් සේනාවිධායකතුමා, සිය ධුරයේ රාජකාරි කළ කාල සීමාව තුල දී සියලු දෙනාම ලබාදුන් නොමඳ සහයෝගය වෙනුවෙන් ස්තුතිය ද පුද කරනු ලැබීය.

අනතුරුව, නික්මයන කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් සහ සෙසු නිලයින් හමු වී ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ශ්‍රි ලංකා ඉංජිනේරු බලකා කවුන්සිල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Best Authentic Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%