01st March 2017 13:36:36 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 10 වන සංවත්සරය නිමිත්තෙන් සෙනසුරාදා (25) දින කිලිනොච්චි, මහාදේව ආශ්‍රම් ළමා නිවාසයෙහි ළමුන් 380 ක් සහ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු වෙත දිවා ආහාරය ලබාදෙන ලදි.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්වීම යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල ගලගමගේ ගේ මූලිකත්වයෙන් තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මෙම මානුෂිය ව්‍යාපෘතිය සිදු කළහ.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර, 57 වන සේනාංකයේ සේනාංකාධිපති සමඟින් මහාදේව ආශ්‍රම් ළමා නිවාසයෙහි නිලධාරීන් විසින් ආඥාපතිතුමා පිළිගනු ලැබීය.
එමෙන්ම, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු අනෙකුත් ආරාධිතයින් විසින් මෙම ළමුන් වෙත පාසල් ලිපිද්‍රව්‍ය අඩංගු පාර්සල් 380 ක් ද පරිත්‍යාග කරන ලදි.
571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රි, 57 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
trace affiliate link | jordan Release Dates