Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2017 10:54:12 Hours

‘ධනාත්මක චින්තනය’ පිළිබඳ දැනුවත් කෙරේ

‘ධනාත්මක චින්තනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (25) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අතර, Social Solutions (Mind and Behaviour) of Children’s Skills Development Programme හි අධ්‍යක්ෂිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මිය විසින් මෙහි දේශන මෙහෙයවිය.

භට පිරිස් තුල ධනාත්මක චින්තනය සහ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා සාමාජිකාවන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විමෙන් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 50 ක් සහ සෙසු නිලයින් 300 ක් සහභාගි වූහ.

මෙම වැඩමුළුව අවසානයේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් විසින් එම දේශනය පැවැත් වූ රත්නා පුෂ්ප කුමාරි මහත්මිය වෙත සමරු තිලිණයක් ද පිරිනමනු ලැබීය.

මෙම අධ්‍යාපනික වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

trace affiliate link | Klær Nike