Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2017 10:55:51 Hours

යුද හමුදාපති සහ යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති වෙත ආශීර්වාද පතා විශේෂ දේව මෙහෙයක්

යුද හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් කොළඹ 03 පිහිටි ක්‍රිස්තු දේවස්ථානයේ දී සඳුදා (27) දින සන්ධ්‍යාවේ, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාට සහ යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ වසර 35 ක නිකලැල් සේවා කාලය වෙනුවෙන් ආශිර්වාද පතා විශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයෙන් මෙම දේවමෙහෙය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සහභාගි වූ අතර, ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් එතුමන් පිලිගනු ලැබිය.

එමෙන්ම, ඉදිරියේ පැවැත්විමට නියමිත ‘අළු බදාදා’ (Ash Wednesday) දිනට සමගාමිව ද මෙම විශේෂ දේවමෙහෙය සංවිධානය කළ අතර, මෙහි පිලිගැනිමේ කතාව යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් කර්නල් මංඡුල කරුණාරත්න විසින් සිදු කළහ.

මෙම විශේෂ දේවමෙහෙය පූජ්‍ය බෙනඩික් ජොශප් පියතුමන් විසින් මෙහෙය වූ අතර, ඉන් අනතුරුව විශේෂ ආශිර්වාද පූජාව විලිසම් ඥාණම් දේව ගැතිතුමා විසින් සිදු කරන ලදි.

එමෙන්ම, ක්‍රිස්තු දේවස්ථානයේ ප්‍රධානි චාල්ස් ඥාණම් පියතුමා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි කරන ලද සේවය අගය කරමින් දේශනාවක් ද පුජ්‍ය පක්ෂය විසින් මෙහිදි සිදු කරනු ලැබීය.

මියගිය සහ අතුරුදන් වූ රණවිරුවන් වෙනුවෙන් යාඥා කිරීම ද, සේවයේ යෙදී සිටින සියලුම රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් වෙත ආශිර්වාද පැතිම ද මෙහිදි සිදු කෙරිනි.

හිටපු යුද හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික) සී.එස්. වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම යුද හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running Sneakers Store | nike air max 95 obsidian university blue book list