Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2017 19:35:10 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ඒකකයන්හි සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පෙබරවාරි මස 15 සහ 16 යන දිනයන්හි දී 24 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරය කරන ලදි.

ඒ අනුව, ආඥාපතිතුමා 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 12 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් හමු වූ අතර, 12 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙසුනිල භෝජනාගාරයේ දී පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයට ද සහභාගි විය.

ඉන් අනතුරුව, ආඥාපතිතුමන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් ද හමු වූ අතර, ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව ද සොයා බලන ලදි.

තවද, 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ දී නවතමයෙන් ඉදිකරන කල සෙසු නිල භෝජනාගාරය වීවෘත කිරීම ද ආඥාපතිතුමා අතින් සිදුකෙරිනි.

එම ඒකකයන්හි දි ඒකක අණදෙන නිලධාරීන් හමු වූ ආඥාපතිතුමා, පරිපාලන කටයුතු, භට පිරිස් හි සුබසාධන කටයුතු ඇතුලු අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳව ද සොයා බැලුහ.

24 වන සේනාංකයේ සේනාංකාධිපති, 241 සහ 242 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මේ සඳහා එක්ව සිටියහ.

එමෙන්ම, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා සඳුදා (20) දින කන්තලේ පිහිටි 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ සංචාරයක නිරත විය. එහිදි, එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් ආඥාපතිතුමා පිළිගත් අතර, අනතුරුව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමුහ.

මෙම සංචාරය සිහිවනු වස් ආඥාපතිතුමා විසින් 7 වන සන්නද්ධ බුද්ධි බලකා පරිශ්‍රයේ දී කොස් පැළයක් රෝපනය කළ අතර, භට පිරිස් ඇමතීම සහ සියලු නිල භෝජන සංග්‍රහයට සහභාගිවීම ද එහිදි සිදු කෙරිනි. අනතුරුව එහි අණදෙන නිලධාරී විසින් ඔවුන්ගේ රාජකාරීන් සහ වගකීම් පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

Sportswear Design | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092