Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2017 19:36:12 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා සහ 22 වන සේනාංක භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

රජයේ ‘පිරිසිදු නගරයක් පිරිසිදු රටක්’ යන තේමාවට සමගාමිව 500 කට වැඩි යුද හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මහජනතාව එක්ව අඟහරුවාදා (21) දින වැලිකන්ද නගරයේහි පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රමුඛ 200 ක් පමණ වූ ආරක්ෂක සේනා භට පිරිස් මේ සඳහා දායකත්වය ලබාදෙන ලදි.

මෙම වැඩසටහන අතරතුර දී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මෙම ස්ථානයට පැමිණ ශ්‍රමදානයේ නියුතුවුවන් සමඟ කතාබහක ද නිරත විය.

එමෙන්ම, 22 වන සේනාංකය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සෙනසුරාදා (18) දින තවත් ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මීට අමතරව, 22 වන සේනාංක භට පිරිස්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කින්නියා, මුතුර් සහ ත්‍රිකුණාමලය නගර ප්‍රදේශවල ‘ඩෙංගු’ මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදි.

Running sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth