24th February 2017 05:05:55 Hours
‘ඵලදායි සන්නිවේදන කලාව සහ කාලය කළමනාකරණය’ පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන් හි දී කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය ප්‍රධාන ශාලාවේ දි පවත්වන ලදි.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත නිලධාරීන් තුල සන්නිවේදනය සහ කාලය කළමනාකිරීමේ කුසලතාවය වැඩිදියුණු කිරිමේ අරමුණින් යුතුව මෙම දෙදින වැඩමුළුව සංවිධානය කරන ලදි.
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ දෙවන අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරි 43 ක් සහභාගි වුහ.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ ආරාධනයෙන් ලුතිතන් කර්නල් වසන්ත පමුණුව (විශ්‍රාමික) විසින් මෙම වැඩමුළුව මෙහෙයවිය.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක විසින් මෙම වැඩමුළුව සඳහා සහභාගි වූ සියලුදෙනා වෙත වටිනා සහතික පත් ද පිරිනමනු ලැබීය.
Nike footwear | nike air force 1 shadow , eBay