Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2017 20:37:43 Hours

යුද හමුදා වෛද්‍යවරුන්ගේ දැනුම වර්ධනය කෙරේ

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආශිර්වාදයෙන් යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහගේ මඟපෙන්විම යටතේ යුද හමුදා වෛද්‍යවරුන්ගේ දැනුම සහ හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් යුතුව නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

කොළඹ යුද හමුදා රෝහලේ සහ පනාගොඩ යුද හමුදා මුලික රෝහලේ වෛද්‍යවරුන් සඳහා නිර්වින්දන දෙපාර්තමේන්තුව, Critical Care and Pain Management සහ Anaesthesiologists and Intensivists විසින් සාර්ථකව පවත්වන ලද උසස් ජිවිත ආධාරක පාඨමාලා අංක : 03 අඟහරුවාදා (21) දින පැවති සරල උත්සවයකින් නිමාවට පත්විය.

යුරෝපීය ප්‍රතිජීවන කවුන්සිලයේ මාර්ගෝපදේශකත්වයට අනුව නිර්වින්දනදෙපාර්තමේන්තු ප්‍රධානී කර්නල් ධවල පෙරේරා සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් චම්පික අබේසිංහ විසින්මෙම වැඩමුළුව සංවිධානය කළහ.

රෝගීන් හට ඇතිවන හදිසි හෘදාබාධ වළක්වා ගැනීම පිළිබඳවත්, නවතම තාක්ෂණික ක්‍රම පිළිබඳවත් මෙම වැඩමුළුව තුල දී වෛද්‍යවරුන් දැනුවත් කරනු ලැබීය.ඒ අනුව මෙම පුහුණුව සාර්ථකව නිම කළ වෛද්‍යවරුන් හට බරපතල ලෙස රෝගීවුවන් බේරා ගැනීමට ද හැකිවක් ලැබෙනු ඇත.

මෙම වැඩමුළුව දිවයිනපුරා පිහිටි සියලුම යුද හමුදා රෝහල්වල වෛද්‍යවරුන් සඳහා සෑම මාස තුනකට වරක්ම කොළඹ යුද හමුදා රෝහලේ දී පවත්වනු ලැබේ.

bridgemedia | Entrainement Nike