Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2017 13:01:00 Hours

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පොළොන්නරුව ශාඛාව විසින් ප්‍රථමාධාර පිළිබඳව භටපිරිස් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පොළොන්නරුව ශාඛාව විසින් පෙබරවාරි 18 සහ 19 යන දිනයන් හි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.

හදිසි අනතුරක දී, හදිසි තුවාලවීමක දී මෙන්ම හදිසි රෝගීයෙකු හට රෝහල වෙත ගෙනයාමට ප්‍රථම සිදු කළ යුතු ක්ෂණික ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මෙහිදි දැනුවත් කළ අතර, මෙම පුහුණු සැසිය සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම කඳවුරු නියෝජනය කරමින් සෙසු නිලයින් 45 දෙනෙකු පමණ සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්, ජීවිත ආරක්ෂක පියවරයන් පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය විසින් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පොළොන්නරුව ශාඛාවේ සභාපති ගාමිණි නන්ද කුමාර මහතා, එහි විධායක නිලධාරී සමන්ති විජේකොන් මහත්මිය, සේනක රන්දෙණිය මහතා සහ ජයලාල් ජයවර්ධන මහතා මෙම දෙදින වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබාදෙන ලදි.

bridgemedia | Footwear