Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2017 22:44:04 Hours

යුද හමුදා මේස පන්දු ප්‍රවර්ධනය සඳහා චීන පුහුණුකරුවන්

යුද හමුදාව තුල මේස පන්දු ක්‍රීඩාව ඉහල මට්ටමකට රැගෙන යාමේ අරමුණින් යුතුව එම කමිටුව විසින් චීන වෘත්තීයවේදි පුහුණුකරුවන්ගේ සහාය ලබාගන්නා ලදි.

යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම මත ශ්‍රී ලංකා - චීන හමුදා සහයෝගිතා වැඩසටහන යටතේ යුද හමුදා මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරිම සඳහා චීනයේ වෘත්තීයවේදි මේස පන්දු පුහුණුකරුවන් දෙදෙනකු වන සැන්ග් ඩොන්ග්හයින්ඩ් මහතා සහ කැෂිඔකුයින්ගර් මහතා දිවයිනට පැමිණ ඇත.

අඟහරුවාදා (14) දින පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සංචාරයක නිරත වු යුද හමුදා මේස පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ. විජේසිංහ, චීන පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවි ඔවුන්ගේ පුහුණුවිම් මෙන්ම අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බලන ලදි.

රෙජිමේන්තු සහ යුද හමුදා මට්ටමෙන් එම ක්‍රීඩකයින්ගේ හැකියාවන් ආරක්ෂක සේවා මට්ටමට, ජාතික මට්ටමට සහ ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාම මෙම පුහුණු කඳවුර මඟින් අපේක්ෂා කෙරේ.

යුද හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සහ යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂකගේ මඟපෙන්විම යටතේ බිජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ටී.ඩි. වීරකෝන් විසින් මෙම පුහුණු කරුවන් සම්බන්ධීකරණය කිරීම සිදු කරන ලදි.

තවද, මෙම පුහුණු සැසිය පෙබරවාරි 06 සිට මාර්තු 26 දින දක්වා පැවැත්වීමට නියමිතය.

Nike shoes | FASHION NEWS