Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2017 13:07:36 Hours

මුලතිව් භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක්

කොළඹ, යුද හමුදා රෝහල වෙතින් ක්‍රියාත්මක ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සඳුදා (20) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.

මේ සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් 250 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, යුද හමුදාපතිගේ මඟපෙන්විම යටතේ යුද හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් දිවයින් පූරා ක්‍රියාත්මක කරනු ලැබේ.

එහිදි, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ‘ශරීර සෞඛ්‍ය හා ව්‍යායාම කිරීම තුලින් නිරෝගීමත් දිවියක් ගත කරන ආකාරය’ පිළිබඳ හරවත් දේශනයක් පැවැත්විය.

එමෙන්ම, මෙවැනිම දේශණය කිහිපයක් පෙබරවාරි 21 සිට 23 දක්වා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංක මුලස්ථානයන් හි දි පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් සිදුකළ මෙම දේශන සඳහා 59 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරි 50 ක් සහ සෙසුනිලයින් 220 ක් ද, 64 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරි 50 ක් සහ සෙසුනිලයින් 200 ක් ද, 68 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරි 50 ක් සහ සෙසුනිලයින් 300 ක් ද සහභාගි වූහ.

Running sneakers | nike air max 95 obsidian university blue book list