22nd February 2017 12:36:50 Hours
අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය (CISM) වෙනුවෙන් කොළඹ පැවති ප්‍රධාන වැඩසටහනට සමාගාමිව වැඩසටහනක් සෙනසුරාදා (18) දින යාපනයේ දී ද පවත්වන ලදි.
‘ලෝක හමුදා දිනය’ සමරමින් පැවති මෙම වැඩසටහන සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ද සහභාගි විය.
‘ක්‍රිඩාව තුලින් මිත්‍රත්වය’ යන තේමාව මුල් කරගත් අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය ලෝකයේ පවතින විශාලතම බහුවිධ සංවිධානයක් වේ.
කිලෝමිටර 5.2 ක දුරක් පැවති මෙම මාර්ග ධාවනය සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 145 ක් සහ සෙසු නිලයින් 860 ක් සහභාගි වූහ.
තවද, මෙම අවස්ථාව සඳහා උතුරු නාවික ප්‍රදේශයේ ආඥාපති රියල් අද්මිරාල් පියල් ද සිල්වා, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, යාපනය ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් නිර්මාල් කොස්වත්ත, 51 වන සේනංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා, යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම්, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කපිතාන් ලසිත් සුමනවිර, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.
jordan Sneakers | Men’s shoes