21st February 2017 10:30:59 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර පිහිටි 11 වන සේනාංක මුලස්ථානය බදාදා (15) දින සිය 7 වන සංවත්සරය සමරන ලදි.
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ. සේනාධීරගේ මඟපෙන්විම මත සංවත්සර සැමරුම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ඒ අනුව පෙබරවාරි මස 14 දින සේනාංක ධජයට සෙත්පතා ශ්‍රී දළදා මාලිගාවේ දී දළදා වහන්සේට ගිලන්පස පූජාවක් ද, සතර මහා දේවාලවල පූජා පැවැත්වීම ද සිදු කෙරිනි.
නවතමයෙන් ඉදිකරන ලද සෙසු නිල භෝජනාගාරය සහ නවීකරණය කරන ලද මුලස්ථාන ගොඩනැගිල්ල සේනාංකාධිපතිතුමා විසින් විවෘත කිරීම ද සංවත්සර වැඩසටහනට සමගාමිව සිදු කෙරිනි. අනතුරුව සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදි.
සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්විම සහ පසුදින ස්වාමින් වහන්සේලා 13 නමකට හීල් දානය පිළිගැන්විම ද සමඟින් සංවත්සර වැඩසටහන් මාලාව අවසන් විය.
Nike Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov