Header

Sri Lanka Army

Defender of the Nation

21st February 2017 10:27:26 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් සඳහා හරවත් දේශනයක්

වැලිකන්ද පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පසුගිය දා මහාචාර්ය ජේ.බි. දිසානායක විසින් ‘සිංහල භාෂාව, එහි භාවිතය, පරිණාමය හා වාග් විද්‍යාව’ පිළිබඳ හරවත් දේශනයක් පැවැත් වූ අතර, ඒ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන් ද ඇතුලුව 1000 කට අධික භට පිරිසක් සහභාගි වූහ.

මෙහිදි මහාචාර්ය දිසානායක විසින් ඔහුගේ දිර්ඝකාලීන අත්දැකීම් උපයෝගී කර ගනිමින් සිංහල භාෂාව පිළිබඳ ඉතා හරවත් දේශනයක් පැවැත්විය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ආරාධනයෙන් ‍මහාචාර්ය ජේ.බි. දිසානායක මෙම දේශනය සඳහා සහභාගි වු අතර, එතුමන්ගේ එම වටිනා දේශනය වෙනුවෙන් ඇගයීමක් ලෙස සංකේතාත්මකව සමරු තිළිණයක් ද පිරිනමන ලදි.

Nike air jordan Sneakers | UK Trainer News & Releases