Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2017 18:17:01 Hours

මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක්

සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන නියෝජනය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවක් පෙබරවාරි මස 14 සිට 16 දක්වා කොළඹ පිහිටි මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් පැවති මෙම වැඩමුළුවේ දී මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව, රටතුලට මත්ද්‍රව්‍ය රැගෙනඑන ක්‍රම සහ ඒවා වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ආදිය පිළිබඳව මෙහිදි දැනුවත් කෙරිනි.

සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන නියෝජනය වන පරිදි නිලධාරීන් 27 දෙනෙකු සහභාගි වූ මෙම වැඩමුළුවේ දේශන සහාය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් ලබාදෙන ලදි.

Authentic Sneakers | jordan Release Dates