16th February 2017 11:36:52 Hours
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් බදාදා පුහුණු දින වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව බදාදා (15) දින පැවති මෙම වැඩසටහන සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහභාගි වූහ.
1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ආර්.ඒ. සමරනායක ඇතුලු එම ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැඩසටහන සඳහා සහභාගි වු නිලධාරින් හට ‘Present State of Syria and Arab Spring’ මාතෘකාව යටතේ දේශනයක් පවත්වනු ලැබීය.
එසේම, එදිනම 6 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ බලලත් නිලධාරී II පි.සී.කේ. හෙට්ටිආරච්චි විසින් සෙසු නිලයින් සදහා ‘මත්ද්‍රව්‍ය භාවිතය සහ අලෙවි කිරීම හා සන්තකයේ තබාගැනීම’ සැබැඳිව දේශනයක් ද පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්.ඒ. ආරියරත්න ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
තවද, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විම යටතේ, යුද හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් බ්‍රහස්පතින්දා (16) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී එයාර් ට්‍රැවල් සර්විස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙතින් මෙම වර්ෂය තුල දී සිදුකිරීමට සැලසුම් කර ඇති සේවාවන් හා පහසුකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද පවත්වන ලදි.
මෙහි දේශන සහාය ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් බී.ආර්. මුහන්දිරම් සහ කපිතාන් ආර්.එම්.අයි.ටී. රූපසිංහ විසින් ලබාදෙන ලදි.
මෙම දැනුවත් කිරිමේ වැඩමුළුව සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් සහභාගි වුහ.
Sneakers Store | Nike Shoes, Clothing & Accessories