16th February 2017 18:15:56 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, නව ධුරයේ රාජකාරි භාර ගැනිමෙන් අනතුරුව පිළිවෙලින් පෙබරවාරි 14 සහ 15 දිනයන් හි 572, 574, සහ 661 බලසේනාවන්හි සංචාරය කරන ලදි.
එම බලසේනාවන්හි දී බලසේනාධිපතිවරුන් විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් පිළිගත් අතර, හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයන් සහ සම්මාන ආචාර පෙළපාලි ද එම බලසේනාවන්හි දී පිරිනමනු ලැබීය.
එහිදි, ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඔවුන්ගේ වගකිම් හා කාර්යභාරය පිළිබඳව ආඥාපතිතුමන් දැනුවත් කළ අතර, ඔහුගේ සංචාරය සංකේතවත් කරමින් බලසේනාවන් හිදි පැල රෝපණය කිරිම සඳහා ද සහභාගි වුහ.
එසේම, මෙම සංචාරයේදි වෙන් වෙන් වශයෙන් භට පිරිස් අමතමින් රාජකාරි ස්භාවය සහ විනය ඉහලමට්ටමක පවත්වා ගත යුතු බව ආඥාපතිතුමා අවධාරණය කළ අතර, අනතුරුව, 15 වන (ස්වෙච්ජා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ ද සංචාරය කරන ලදි.
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒ යටතේ වන බලඇණිහි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Buy Kicks | Nike sneakers