14th February 2017 10:44:10 Hours
53 වන සේනාංකයේ ඉල්ලිමකට අනුව මහජන බැංකුව විසින් ත්‍රිකුණාමලය - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථානයේ ඉදිකළ නව ATM යන්ත්‍රය සඳුදා (13) දින විවෘත කරන ලදි.
මාතලේ පළාත් කලමනාකරු ඒ.ජි.රන්බංඩා, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වු අතර, මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කලහ.
මෙම වසරේ ජනවාරි මස යුද හමුදා සාමාජිකයින් සහ මහජනතාව වෙනුවෙන් මෙම ස්ථානයේ සුබසාධක වෙළඳසැලක් සහ ආපන ශාලාවක් සහිත නව ගොඩනැගිල්ලක් ද ස්ථාපනය කරන ලදි.
affiliate tracking url | Nike Shoes