Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2017 18:23:17 Hours

ජපන් නියෝජිතවරිය යාපනය ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලයේ උපදේශිකා මරිකෝ යමමොටො මිය උතුරු ප්‍රදේශයේ සංචාරයක අතරතුර බදාදා (15) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි අතර එහිදි යාපනය ප්‍රදේශයේ ආරක්ෂක තත්වය සහ සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් විය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එම නියෝජිතවරිය පිළිගත් අතර, යාපනය අර්ධද්විපයේ යුදමය සම්බන්ධතා, අභියෝග සහ දැනට ක්‍රියාත්මක සිවිල් - හමුදා ව්‍යාපෘති පිළිබඳව ඇය වෙත පැහැදිලි කිරිමක් ද සිදු කළහ.

අනතුරුව, ජපන් නියෝජිතවරිය විසින් මෙම සාකච්ඡාව සඳහා ඇය වෙත අවස්ථාව උදාකරදීම සැබැඳිව යාපනය ආරක්ෂක සේනා ආඥාපති වෙත සිය ස්තුතිය ද පුද කළහ.

Nike shoes | Mens Flynit Trainers