16th February 2017 18:16:16 Hours
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් , මහනුවර ඔප්ටිකල්ස් (පුද්) සමාගමේ සම්බන්ධිකරණයෙන් වරකාපොළ ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක් සහ ඇස්කණ්නාඩි බෙදා දිමක් බ්‍රහස්පතින්දා (14) දින ඩඩ්ලි සේනානායක ආරම පරිශ්‍රයේදි පවත්වන ලදි.
මහනුවර ඔප්ටිකල්ස් පුද්ගලික ආයතනයේ වෛද්‍ය නිමල් විරකෝන් ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් ස්වේච්ජාවෙන් ඉදිරිපත්වි 300 කට ආසන්න පිරිසකගේ ඇස් පරික්ෂාකර ඔවුන් වෙත රුපියල් 185,600.00/= වටිනාකමින් යුත් ඇස්කණ්නාඩි 232 ක් ලබා දෙන ලදි.
මෙම වැඩසටහන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මගපෙන්විම යටතේ 58 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්ෂණය යටතේ සිදු කරනු ලැබිය.
විහාරාධිපති පුජ්‍ය දෙහිවල චන්ද්‍ර විසුද්ධි, රජයේ නිලධාරින්, මහනුවර ඔප්ටිකල්ස් ආයතනයේ නියෝජිතයින් , නිලධාරින්, සෙසුනිලයින් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
best Running shoes | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta