Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2017 18:25:04 Hours

යුද හමුදා රෝහලේ ලේ බැංකුව වෙත ‘ජෙල් කාඩ්’ (Gel Card) තාක්ෂණය

යුද හමුදා රෝහලේ රෝගීන්ගේ රුධිර ඝණ සහ රුධිර ගැලපීම් තහවුරු කර ගැනිීම සඳහා නව ජෙල් කාඩ් තාක්ෂණය පසුගිය දා යුද හමුදා රෝහල් ලේ බැංකුව වෙත හදුන්වාදෙන ලදි.

මෙතෙක් යුද හමුදා රෝහලේ ලේ බැංකුවේ පැවති ටෙස්ට් ටියුබ් ක්‍රමය වෙනුවට රෝගීන්ගේ සේවාවන් වැඩිදියුණු කිරීමේ අදිටනින් ලෝකයේ දියුණු රටවල පවතින මෙම නව තාක්ෂණය හදුන්වාදෙනු ලැබීය.

මෙම නව තාක්ෂණය මගින් රෝගීන්ගේ රුධිරය පරීක්ෂා කරමින් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට සහ සති කිහිපයක් රුධිරය ගබඩා කර තබාගැනීමට පහසුකම් සලසා දී ඇති අතර, මෙම තාක්ෂණය මඟින් රෝගීන්ගේ කුඩා රුධිර ප්‍රමාණයකින් වුවද පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට හැකියාවක් ඇත.

2017 පෙබරවාරි මස 1 වන දින සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.

Sports brands | Men's Footwear