Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2017 11:00:39 Hours

කල්කුඩා නව ප්‍රජා ව්‍යාපෘතිය සඳහා යුද හමුදාවේ සහාය

ඩිල්මා කන්සර්වේෂන් සහ මේරිල් ජේ ප්‍රනාන්දු (MJF) පදනම මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් MJF මධ්‍යස්ථානයක් ස්ථාපනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම්බන්ධතාවයෙන් යුතුව නැගෙනහිර ප්‍රදේශයේ වන වගාව වර්ධනය කිරිම සඳහා කල්කුඩා ප්‍රදේශයේ කජුපැල සිටවිමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කරන ලදි.

මෙම යොජිත MJF මධ්‍යස්ථානය මගින් දිස්ත්‍රික්කයේ අඩු අදායම් ලාභි සිවිල් ජනතාව නගාසිටුවිමේ අරමුණින් යුතුව රුපියල් මිලියන 500 ක වැය කරමින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ‘Rainbow’ මධ්‍යස්ථානය, ‘MJF Kids’ මධ්‍යස්ථානය, වඩුවැඩ, මේසන්, ඉවුම් පිහුම්, ආගන්තුක සත්කාරය, තොරතුරු තාක්ෂණය සහ ග්‍රැෆික් නිර්මාණ වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, නවාතැන් පහසුකම් සහිත කලා ශීල්ප කේන්ද්‍රයක්, පුස්තකාලයක්, කජු නිෂ්පාදනය සහ කාබනික ගොවිපලක්, වෙළඳ ස්ථානයක් මෙන්ම අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතියක් ආදිය සිදු කිරීමට නියමිතය.

69 වන ජාතික නිදහස් දිනයට සමගාමිව පෙබරවාරි 03 දින මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ඩිල්මා කන්ෂර්වේෂන් සභාපති මෙරිල් ජේ ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සංවිධායකයින්ගේ ආරාධනයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික පනන්වල, 233 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍ර ජයවීර ඇතුලු යුද හමුදා නිලධාරීන් ද එක්ව සිටියහ.

ඩිල්මා කන්ෂර්වේෂන් සහ මෙරිල් ජේ. ප්‍රනාන්දු (MJF) පදනම මීටපෙර ද යුද හමුදාව සමඟ සමිපව වැඩකටයුතු සිදු කළ අතර, ඔවුන් සමඟ සහයෝගයෙන් ඉදිකළ තොප්පිගල හෙරිටෙජ් පාර්ක් මේ වනවිට ප්‍රසිද්ධ සංචාරක නිකේතනයක් බවට පත් වී තිබේ. එමෙන්ම, යුද හමුදා භට පිරිස් විසින් කජු පැළ බෙදාදීම සහ සිටුවීමේ ව්‍යාපෘතිය ද ඔවුන්ගේ සහයෝගයෙන් සිදු කරමින් පවතියි.

තවද, එහිදි ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත කජු පැළ තොගයක් ද බෙදදෛන ලදි.

එසේම නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය ද මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සම්පුර්ණ සහයෝගය ලබාදෙන ලදි.

Nike shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News