Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2017 10:45:56 Hours

‘වෘත්තිය දිවිය’ පිළිබඳව යුද හමුදා සාමාජිකයන් 3000 කට අධික පිරිසක් දැනුවත් කෙරේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ යන මෑයෙන්, තවත් එක් දැනුවත් කිරිමේ වැඩසටහනක් සදුදා (09) දින කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවත්විය.

යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ යුද හමුදා සාමාජිකයින්ගේ යහපැවැත්ම සහ ඔවුන්ගේ චර්යාවර්ධනය පවත්වාගෙනයාමේ අරමුණින් යුතුව පැවති මෙම එක්දින වැඩමුළුව සඳහා නිලධාරින් 199 ක් සහ සෙසුනිලයින් 2862 ක් සහභාගි වුහ.

මෙහිදි, බ්‍රිගේඩියර් ඒ.එස්.එම්.විජේවර්ධන විසින් ‘දිගු දිවියට රහස්, කර්නල් ආර්.එම්.එම්. මොණරාගල විසින් ‘මතින් තොර ජිවිතයක්’ සහ ‘සාර්ථක යුග දිවියක්’ යන තේමාවන් යටතේ දේශන පවත්වන ලද අතර, ඒ සඳහා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ සාමාජිකයින් සහාය ලබාදෙන ලදි. මෙම දේශන මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පදනම් කරගෙන සිදු කරනු ලැබීය.

යුද හමුදා නාට්‍ය හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දේශනය අතරතුරදි සහභාගිවුවන් දැනුවත් කිරිම‍සඳහා විදි නාට්‍ය සංදර්ශන ද ඉදිරිපත් කරනු ලැබීය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන යුද හමුදාව තුල පැවති වැඩිම පිරිසක් සහභාගි වූ වැඩසටහනක් වූ අතර, ඒ වෙනුවෙන් පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ස්තුතිය ද පුද කළහ.

වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන, පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජි.වි.රවිප්‍රිය, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

best Running shoes | Air Jordan Release Dates 2020