Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2017 09:25:52 Hours

582 බලසේනා භට පිරිස් වැඩිහිටි නිවාසය පිරිසිදු කරයි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 582 වන බලසේනාවේ නිලධාරීන් 03 ක් සහ සෙසු නිලයින් 30 කගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (04) දින ගාල්ල, රත්ගම විජේරත්න වැඩිහිටි නිවාසය පිරිසිදු කරන ලදි.

එමෙන්ම, සබන් සහ රෙදි සෝදන කුඩු අඩංගු රුපියල් 6500 ක වටිනාකමකින් යුත් පාර්සල් 02 ක් පාලන අධිකාරිය වෙත ලබාදෙන ලදි.

583 වන බලසේනාවේ භට පිරිස් පුද්ගලිකවම මෙම පරිත්‍යාග සඳහා මුල්‍යමය දායකත්වය ලබාදුන් අතර, 582 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.ජි. හේවගේ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running sport media | Buy online Sneaker for Men