Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2017 19:13:05 Hours

11 වන එක්සත් ජාතින්ගේ බලඇණිය ලේබනන් සාමසාධක රාජකාරින් සඳහා සුදානම්

ලේබනන් හී එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්විමට නියමිත මිළග ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක බලඇණිය නිල වශයෙන් භාරගැනිමේ පෙළපාලිය කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී බ්‍රහස්පතින්දා (09) දින පවත්වන ලදි.

මෙම සාම සාධක බලඇණිය නිලධාරින් 10 දෙනෙක් සහ සෙසුනිලයන් 140 කින් සමන්විත වන අතර, අණදෙන නිලධාරි ලෙස ගැමුණු හේවා බලඇණියේ ලුතිතන් කර්නල් සි.ඒ. රාජපක්ෂ සහ දෙවන අණදෙන නිලධාරි ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් එම්.ඒ.ටි. මොහන්දිරම්ගේ කටයුතු කරනු ලබයි. එමෙන්ම භට කාර්ය සම්පාදන නිලධාරි හා පුහුණු නිලධාරි ලෙස පිළිවෙලින් ශ්‍රි ලංකා පාබල හමුදාවේ මේජර් එම්.එම්.එම්.පි මහේෂ් කුමාර හා ගැමුණු හේවා බලකායේ මේජර් ටි.එම්.කේ.සි.අමරකෝන් කටයුතු කරනු ලැබේ.

මෙහිදි, 11 වන ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක බලඇණියේ අණදෙන නිලධාරි වෙත එක්සත් ජාතින්ගේ ධජය සංකේතාත්මකව පිරිනැමිම ද සිදු කරන ලද අතර, මෙය ගැමුණු හේවා බලකායේ දෙවන ලෙබනන් එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරිය වේ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගැමුණු හේවා බලකාධිපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සහභාගි වු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Best Authentic Sneakers | Men’s shoes