Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2017 09:26:02 Hours

මාධ්‍යවේදිනියක් වන පුනරුත්ථාපනය වු එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලිය වෙත නව පරිගණකයක්

යාපනය ප්‍රදේශයේ ජිවත්වන මාධ්‍ය වාර්තාකාරිනියක් වු හිටපු එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියගේ මාධ්‍ය කටයුතු වර්ධනය කර ගැනිම වෙනුවෙන් බදාදා (08) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් නව පරිගණකයක් පරිත්‍යාග කරන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ ආශිර්වාදයෙන් එම මුලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් උදය කුමාර විසින් 4G අන්තාර්ජාල පහසුකම් වලින් සමන්විත මෙම පරිගණකය හිටපු එල්.ටි.ටි.ඊ කාන්තා සෙබළිය වෙත ලබාදෙන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් හරිචන්ද්‍ර මායාසිංහ සහ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි මේජර් ගිතීකා රන්කොත්ගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike shoes | Men’s shoes