09th February 2017 17:23:21 Hours
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම මත නිදහස් දිනයට සමගාමිව 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළියන් තේලිප්පලෙයි පිලිකා රෝහලේ සංචාරය කරමින් රෝගින්ගේ සුවදුක් විමසන ලදි.
එහිදි, මෙම කන්තා සෙබළියන් විසින් රෝගින් වෙත රුපියල් 2,500/= බැගින් වු ත්‍යාග පර්සල් 26 ක් ද පිරිනැමුහ.
7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි මේජර් ගීතා රන්කොත්ගේ ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් එම රෝගීන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අතර, ඔවුන්ගේ විනෝදාස්වාදය උදෙසා සංගිතමය වැඩසටහනක් ද පැවැත්විය.
Sports brands | Nike Off-White