Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2017 11:21:32 Hours

රසායනික සිදුවිම් පිළිබඳව පැවැත්වෙන පාඨමාලාව සඳහා යුද හමුදාවේ රාසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලි ප්‍රතිචාර බලඝණය (CBRN) සම්පත් දායකත්වය ලබාදෙයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරිමේ ජාතික අධිකාරිය (CWC) මඟින් සංවිධානය කරනු ලබන රසායනික සිදුවීම් සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ මූලික පාඨමාලාවක් පෙබරවාරි මස 06 වන දින සිට 10 වන දින දක්වා කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වේ.

2007 අංක 58 දරණ රසායනික සම්මුති පනතට අනුව පිහිටුවන ලද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරිමේ ජාතික අධිකාරිය (CWC) මගින් සංවිධානය කරනු ලබන මෙම මූලික පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව ඇතුලුව රටවල් 14 ක නියෝජිතයින් 30 දෙනෙකු සහභාගි වන අතර මෙම පාඨමාලාව සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලෙසට යුද හමුදාව වෙත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මඟින් ආරාධනා කර ඇත.

ඒ අනුව යුද හමුදාපතිගේ සංකල්පයකට අනුව මෑතකදී ආරම්භ කරන ලද 14 වන ස්වාධීන ඉංජිනේරු රෙජිමේන්තුවේ රාසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) සමාජිකයන් වන එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ටී.ඩී.පී. සිරිවර්ධන සහ රසායනික ජීවවිද්‍යාත්මක විකිරණ න්‍යෂ්ඨික බලඝණයේ මේජර් හිදැල්ලආරච්චි සම්පත් දායකයින් ලෙස දායකත්වය ලබා දී ඇත.

තවද, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න සහ 5 වන ශ්‍රී ලංකා කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සංජීව අස්වැද්දුමගේ මෙම පාඨමාලාවේ පාඨමාලා ලාභින් ලෙස සහභාගි වු අතර මෙහි එලිමහන් ප්‍රයෝගික සැසිය අද (08) උදැසන මත්තේගොඩ රසායනික ජීවවිද්‍යාත්මක විකිරණ න්‍යෂ්ඨික බලඝණ (CBRN) මුලස්ථානයේ දී පවත්වන ලදි.

මෙම පාඨමාලාවේ අරමුණ වනුයේ කලාපයේ හදිසි අවස්ථාවකදි භාවිතා කරන රසායනික අවි සඳහා ප්‍රතිචාර දක්වන පිරිස් හි දැනුම වර්ධනය කිරිම වන අතර, මෙම පාඨමාලාව ජාතික අධිකාරිය හා රසායනික අවි තහනම පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (POCW) සමඟ එක්ව සංවිධානය කරන ලදි.

bridge media | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival