Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2017 10:15:09 Hours

66 වන සේනාංක භට පිරිස් පාසල් උපකරණ බෙදාදෙයි

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලානගේ මඟපෙන්විමෙන් ඉරිදා (05) දින කිලිනොච්චි ගානිමදම් රජයේ දෙමළ පාසලේ දී සිසුන් වෙත අභ්‍යාස පොත් බෙදාදෙන ලදි.

මෙහිදි එම පාසලේ සිසුන් 54 දෙනෙකු වෙත කොළඹ 11 පිහිටි රුහුණු ප්‍රකාශන ආයතනයේ පරිත්‍යාගයෙන් මෙම පාසල් පොත් ලබාදෙනු ලැබීය.

මෙහිදි ගුරුවරුන් විසින් පාසල සහ එහි ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන සම්බන්ධව යුද හමුදාව වෙත ස්තුතිය පුද කරන ලදි.

ජාතික ශිෂ්‍ය භට බලකායේ ලුතිතන් කර්නල් ආර්.එම්.එස්. බණ්ඩාර සහ 661 බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින්, ගුරුවරුන්, දෙමාපියන් සමඟින් පාසල් ළමුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

affiliate tracking url | UOMO, SCARPE