Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2017 09:46:36 Hours

69 වන නිදහස් දිනය වෙනුවෙන් කිලිනොච්චි භට පිරිස් වෙතින් පිරිසිදු කිරිමේ වැඩසටහන්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය 69 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සෙනසුරාදා (04) දින මහජනතාව වෙනුවෙන් ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, එම මුලස්ථාන පරිශ්‍රයේ දී නිදහස් දිනය සමරමින් ජාතික ධජය සහ යුද හමුදා ධජය ඔසවා, ජාතික ගීය ගායනා කළහ. අනතුරුව මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන මෙන්ම, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, මේ සඳහා යුද හමුදා සාමාජිකයින් 50 කට වැඩි පිරිසක් රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙහි දි මදුරුවන් බෝවන ස්ථාන සහ අවට පරිසරය පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරන ලදි.

මීට අමතරව, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් සෙනසුරාදා (04) දින නිදහස් සැමරුම වෙනුවෙන් කිලිනොච්චි කරුණානිලියම් වැඩිහිටි හා ළමා නිවාසයේ දී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වන ලදි.

එහි දී 57 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම නිවාසයේ ළමුන් 30 ක් වෙත පාසල් උපකරණ සහ වැඩිහිටියන් 20 ක් වෙත ඇඳ ඇතිරිලි සහ කොට්ට ලබාදුන් අතර, මේ සඳහා මහනුවර පදිංචි අජන්ත ජයසූරිය මහතා ඇතුලු පවුලේ සාමාජිකයින් වෙතින් අරමුදල් ලබාදෙන ලදි.

එසේම, එදිනම කිලිනොච්චි ඉදිරිනඩත්තු පෙදෙස විසින් කිලිනොච්චි යුද හමුදා රෝහලේ දී ලේ දන්දිමේ වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහායුද හමුදා සාමාජිකයින් 30 ක් සහභාගි වූහ. 57 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති සමඟින් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම ප්‍රජා වැඩසටහන් සඳහා සහභාගි වූහ.

Best Authentic Sneakers | Nike News