Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2017 09:15:09 Hours

යුද හමුදා සමාජිකයන් වෙනුවෙන් කදුබොඩ දි භාවනා වැඩසටහනක්

යුද හමුදා මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් හමුදා නිලධාරින් සහ සෙසුනිලයන්ගේ අධ්‍යාත්මික, මානසික හා කායික සමබරතාවය වර්ධනය කරගැනිමේ අරමුණින් යුතුව බ්‍රහස්පතින්දා (2) දින කදුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දි භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

කදුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පුජ්‍ය දියසේනපුර විමල ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවන ලද මෙම භාවනා වැඩසටහන සඳහා යුද හමුදා සමාජිකයන් (69), නාවික හමුදා සමාජකයන් (20) සහ ගුවන් හමුදා සමාජිකයෙකු (01) සහභාගි වුහ.

යුද හමුදාපතිගේ නිර්දේශය මත යුද හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුන්වාදුන් මෙම වැඩසටහන මේ වන විට හමුදා සාමාජිකයින් අතර ප්‍රචලිත වැඩසටහනක් වී ඇත.

Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth