Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2017 09:24:40 Hours

සටන් පුහුණු පාසලේ භට පිරිස් අම්පාර නගරය හා ඉගිණියාගල මාර්ගය පිරිසිදු කරයි

අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමාගේ ඉල්ලිමකට අනුව, සටන් පුහුණු පාසලේ භට පිරිස් විසින් සිකුරාදා (3) දින අම්පාර නගරය හා ඉගිණියාගල දෙසට දිවෙන මාර්ගය ආවරණය වන පරිදි කුණු කසල හා අපද්‍රව්‍ය ඉවත් කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත දිසානායකගේ මඟපෙන්විම යටතේ මෙම පිරිසුදු කිරිමේ වැඩසටහන සඳහා එහි සේවයේ නියුතු භට පිරිස් එක්ව සිටියහ.

සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් නලින් බණ්ඩාරනායක, උපදේශක නිලධාරින්, සෙසුනිල උපදේශකයන් හා ශිෂ්‍ය සෙබළුන් ඇතුළු 200 කට වඩා වැඩි භට පිරිසක් මෙම පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා සහභාගි වූහ.

අම්පාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම ප්‍රජා ව්‍යාපෘතිය පිළිබඳව සිය ප්‍රසාදය පලකලහ.

මෙම පිරිසිදු කිරිමේ වැඩසටහනේ ආරම්භක අවස්ථාව සදහා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා සිවිල් වැසියන් සහභාගි වූහ.

Sports brands | Nike News